දිගුදෑස හමුවේ වස්සානය Wassanaya [Lofi-version 2025] #වස්සානය #wassanaya #gceol #sinhala #rathnasri #piyman #piymanhackdat වස්සානය
0:44 1:40 2:38 3:37 4:43 5:40 6:36 || mp3 Download - http://www.piymanhackdat.com ||
For more O/L videos බුද්ධ ධර්මය පාඩම් කෙටික්‍රම සිංහල පාඩම් කෙටික්‍රම ඉතිහාසය පාඩම් කෙට්ක්‍රම විද්‍යාව පාඩම් කෙටි ක්‍රම
සිංහල සාහිත්‍යය 16th Lesson
|| THIS VIDEO IS FOR EDUCATIONAL PURPOSES ONLY.සිසුන් ට කවි පාඩම් කිරීමේ පහසුව තකා පමණක් මෙම නිර්මාණය සිදු කළෙමි.මුල් නිර්මාණයට කිසිදු අයුරකින් හානි කිරීමේ අරමුණක් මෙහි නොවේ.එසේම රත්න ශ්‍රී විජේසිංහ මහතා ට ප්‍රණාමය. ||
ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක
කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට
දිය කෙලින හැටි පුංචි මාලුවන් දුටුවාද
පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට
හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට
සෙනේහය පිරී ගිය ඔය නයන නිල් පොකුණ
දිය නිලන වැසිසමේ රැළි නඟා උතුරාය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුනුව ගිය ලේ නහර
දෙවැට දිග කරඳ වැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලු බිලිඳු නිදි ඇහැරවන්නේ කුමට
රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එලිය
මිහිරි මවු කිරි වගේ පොවන්නෙමි නුඹලාට
රමණීය වන ගැබෙහි මොණරුනට පිල් වියන
සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න
වැහි වතුර ඉහිනවානම් ඔවුන් විහිලුවට
කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නුඹ මා ළඟට
වැහි වළාකුලු රංචු කඳු මුදුන් වල ලගින
දැන් ඒවි තැනි බිමට සිතලයි මගෙ හිතට
වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න ඉතින් මගෙ හෙට දවස මට දෙන්න
ගිම්හානයේ ගිලන් වී කෘශව සුදුමැලිව
ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරයි කියා හැරයායුතුද ජීවිතය
කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිනිස
මේ වගේ තවත් O/L වීඩියෝවන් වෙත මෙතනින් පිවිසෙන්න...
https://bit.ly/3j89aa8
https://short.lokuads.com/NgAFj
https://bit.ly/2GJnxo5
https://bit.ly/37AqjY6
https://bit.ly/3osZlHG
