banner large

O/L Sinhala | Wassanaya – Oya dala dodamaluya | වස්සානය රත්න ශ්‍රී විජේසිංහ | Lofi SLOWED + REVERB

9 Comments
X
Share

දිගුදෑස හමුවේ වස්සානය Wassanaya [Lofi-version 2025]
සිංහල සාහිත්‍යය 16th Lesson

banner 300x250

#වස්සානය #wassanaya #gceol #sinhala #rathnasri #piyman #piymanhackdat
|| THIS VIDEO IS FOR EDUCATIONAL PURPOSES ONLY.සිසුන් ට කවි පාඩම් කිරීමේ පහසුව තකා පමණක් මෙම නිර්මාණය සිදු කළෙමි.මුල් නිර්මාණයට කිසිදු අයුරකින් හානි කිරීමේ අරමුණක් මෙහි නොවේ.එසේම රත්න ශ්‍රී විජේසිංහ මහතා ට ප්‍රණාමය. ||

වස්සානය

0:44
ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක

1:40
කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට
දිය කෙලින හැටි පුංචි මාලුවන් දුටුවාද
පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට
හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට

2:38
සෙනේහය පිරී ගිය ඔය නයන නිල් පොකුණ
දිය නිලන වැසිසමේ රැළි නඟා උතුරාය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුනුව ගිය ලේ නහර

3:37
දෙවැට දිග කරඳ වැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලු බිලිඳු නිදි ඇහැරවන්නේ කුමට
රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එලිය
මිහිරි මවු කිරි වගේ පොවන්නෙමි නුඹලාට

4:43
රමණීය වන ගැබෙහි මොණරුනට පිල් වියන
සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න
වැහි වතුර ඉහිනවානම් ඔවුන් විහිලුවට
කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නුඹ මා ළඟට

5:40
වැහි වළාකුලු රංචු කඳු මුදුන් වල ලගින
දැන් ඒවි තැනි බිමට සිතලයි මගෙ හිතට
වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න ඉතින් මගෙ හෙට දවස මට දෙන්න

6:36
ගිම්හානයේ ගිලන් වී කෘශව සුදුමැලිව
ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරයි කියා හැරයායුතුද ජීවිත​ය
කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිනිස

|| mp3 Download - http://www.piymanhackdat.com ||

For more O/L videos
මේ වගේ තවත් O/L වීඩියෝවන් වෙත මෙතනින් පිවිසෙන්න...
https://bit.ly/3j89aa8

බුද්ධ ධර්මය පාඩම් කෙටික්‍රම
https://short.lokuads.com/NgAFj

සිංහල පාඩම් කෙටික්‍රම
https://bit.ly/2GJnxo5

ඉතිහාසය පාඩම් කෙට්ක්‍රම
https://bit.ly/37AqjY6

විද්‍යාව පාඩම් කෙටි ක්‍රම
https://bit.ly/3osZlHG

banner 728x90

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Responses (9)

  1. Oyage kadahada shoi ayye❤😊

  2. මම 2026 බැච එකේ❤❤❤❤❤😊

  3. 2009 OL kattiya me pethhta ❤✌️

  4. 2021 ol liyala anagathen apu mama

  5. Godak hoda vedak. lesiyen mathaka hitinava